මේ ලෝකෙ ඇත්තක්ද? අපේ ජීවිතය ඇත්තක්ද? — Simulation Theory Explained in Sinhala

Original article was published on Artificial Intelligence on Medium


මේ ලෝකෙ ඇත්තක්ද? අපේ ජීවිතය ඇත්තක්ද? — Simulation Theory Explained in Sinhala

අපි ජීවත් වෙන්නෙ එතකොට කාගෙහරි කම්පියුටර් එකක් ඇතුලෙද?

මොකක්ද එතකොට මේ රියලිටිය?

Simulation Theory එක ගැන ඔයා සමහරවිට මීට කලින් අහලත් ඇති ඒ වගේම අහපු නැති අයත් ඇති. මේකෙන් අදහස් කෙරෙන්නෙ අපේ මේ ලෝකය, විශ්වය හැමදේම ඇතුලත් වෙච්ච සත්‍යය එහෙමත් නැත්තං රියලිටි එක (reality) සම්පූර්ණයෙන්ම යම් ජීවියෙකු හෝ පිරිසක් විසින් නිර්මාණය කරන ලද්දක් බවයි. සරලව කිව්වොත් අපි මේ ඉන්නෙ පරිගණක නිර්මාණයක කියලා පිලිගැනීමක් තමා මේ සිමියුලේශන් කන්සෙප්ට් එකෙන් අදහස් වෙන්නෙ.

මුලින්ම කියන්න ඕනෙ මේ කන්සෙප්ට් එක අද ඊයෙ පටන්ගත්ත එකක් නං නෙවෙයි. අවුරුදු ගනනාවක ඉදලා විවිධ විද්‍යාඥයන් පිළිගන්න මතයක්. රියලිටි එක එහෙමත් නැත්තං ඇත්තක් විදිහට පිලිගැනෙන්නෙ සරලවම අපිට දැනෙන රස, සුවද, ශබ්දය, පෙනීම සහ දැනීම. මේ හැම දෙයක්ම ඇත්තද? අපිට ඇත්තටම මොනාම හරි දැනෙනවද? කන බොන දේවල් වල රසයක්, සුවදක් තියනවද? අපි ඇත්තටම ජීවත් වෙනවද? එතකොට මේක කියවන ඔයා මේක ලියන මම ඇත්තටම ඉන්නවද? නැත්තං මේ හැම දෙයක්ම (computer program) එහෙක කෝඩ් පේළි කිහිපයක් විතරයිද?

Rick and Morty කාටූනයේ දර්ශනයක්

එතකොට අපේ ශරීරය, ඇට, ලේ, මස්, නහර; මේ මොනවද? අපි පරිගණක නිර්මාණයක් නං මේ දේවල් තියෙන්නෙ කොහොමද? හිතන්න…. ඇත්තටම අපෙ ඇගේ තුවාලයක් උනහම “ලේ” රතු දියරයක් වැක්කෙරෙන එකත් ප්‍රොග්‍රෑම් එකකම කොටසක් වෙන්නත් පුළුවන්. අපි ඉන්න අතරේ අපේ ඇගේ තියෙන්නෙ 1,0 විතරක් වෙලා ඒ දේවල් digitally render වෙනකොට විතරක් අපිට ලේ, ඇට, මස්, නහර විදිහට පේනවනම්. ඇත්තටම මේ ලෝකෙ, නෑ විශ්වයේම කිසිම දෙයක් නැත්තං… හැම ශක්තියක්ම එකම එක උපකරණයකට දීලා තියන බලයක් නම්.

Everything is a particle; Everything is an Information

John Wheeler

හැම දෙයක්ම පදාර්ථයක්; හැම දෙයක්ම තොරතුරක්. ඇල්බඩ් අයින්ස්ටයින් එක්ක එකට වැඩ කරපු ජෝන් වීලර් නැමති පුද්ගලයෙක්ගෙ ප්‍රකාශයක් මේක. ඒත් එක්කම ඔහු කියනවා “and may be a fact just be a quantum computing bit” එතකොට ඒ හැම දේකම අවසානය (ක්වන්ටම් කම්පියුටිං බිට් එකක්) වෙන්නත් පුලුවන්… මොකක්ද මේ Quantum Computing කියන්නෙ? මේක මහා පරිමාණ යන්තික බලයක් නිසා ඇතිවෙන සිදුවීමක් එහෙමත් නැත්තං සරලව කියනවනම් ඉතා විශාල හැකියාවන් තියන පරිගණකයක්. (A computer possible to perform Quantum Computations) එතකොට ඒ විදිහෙ උපකරණයක දත්තයක් තමයි “Quantum Computing Bit” එකක් කියන්නෙ.

මේ කතාව ඇත්තක් කියල අපිට උනත් හිතෙන්න පටන්ගන්න ප්‍රධානම හේතුවක් තමයි තාක්ෂණික දියුණුව. ඒ කියන්නෙ දැනටමත් සත්‍ය රූප වලට සමානවම Graphics දියුණු වෙලා තියනවා. (Full Realistic Graphics) ඒ වගේම Google Assistant, Siri, Cortana වගේ AI කෘතිම බුද්ධි ජාල හා Neural Networks නිර්මාණ වැඩිදියුණු වෙමින් පවතිනවා…. මේ තාක්ෂණයන් වල කෙලවර ජීවීන් නිර්මාණය කිරීමේ හැකියාවක් උනොත්. මිනිස්සුන්ටත් ඈත අනාගතයේදි සජීවී ජීවීන් නිර්මාණය කරන්න පුලුවන් උනොත්…

Matrix චිත්‍රපටයේ රූපයක්

මේ කන්සෙප්ට් එකට අදාලව සිනමා නිර්මාණද බොහොමයක් සෑදී ඇති අතර The Matrix — 1999, Inception — 2016 චිත්‍රපට දෙක එයින් ප්‍රධාන ස්ථානයක් දරනවා. මේ දේ ගැන තවත් දැනගන්න කැමතිනම් මේ දෙක ඇතුලුව තවත් අදාල සිනමා නිර්මාණ බලන එක ගොඩක් හොදයි. ඉහත රූපයේ දැක්වෙන රික් ඇන්ඩ් මෝර්ටි කතාමාලාව මෑතකදි ඔවුන්ගෙ තුවන දිගහැරුමද අවසන් කල අතර ඔයා මේ වගේ දේවල් ගැන දැනගන්න කැමති කෙනෙක් නම් නැරඹිය යුතුම කතාවක් බය ඵැවසිය යුතුය.

ඒ වගේම අපි මේ තියරි එක ගැන කොච්චර තර්ක කලත් තාමත් මේක සත්‍යක්ද අසත්‍යක්ද කියල කාටවත්ම ඔප්පු කිරීමට හැකියාවක් ලැබිලා නෑ. ඒ වගේම මේ දේ ඇත්තක් නම් අපිව නිර්මාණය කරපු ජීවීන්; එතකොට ඔවුන්ගෙ ආරම්භයක් මොනවගේ දෙයක් වෙන්න පුලුවන්ද. ඒ රියලිටි එකත් සම්පූර්ණයෙන්ම තවත් නිර්මාණයක් උනොත්…. මේ හැම දෙයක්ම ආයෙ ආයෙත් සිදු වෙනවනම් මේක අවසානයක් නැති පටලැවිල්ලක්……

මේ දේවල් ඇත්තක්ද? එහෙමත් නැත්නම් බොරුවක්ද? කිසිවෙකුට සම්පුර්ණයෙන් මේ ගැන පැහැදිලි කරන්න, ඔප්පු කරන්න හැකියාවක් නැති හින්දා පිලිගැනීම නොගැනීම ඔබට බාරයි… මේ ගැන ඔයාලගෙ තියන අදහස් පල්ලෙහායින් කමෙන්ට් කරන්න.